Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාටත් වෙච්ච දේවල් කිව්ව දේවල් අමතක වෙයි  

Add comments

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලබාදී ඇති සාක්ෂිවල පරස්පරතා රැසක් පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ නිරීක්ෂණයට ලක්වුණා. ඒ ප්‍රියන්ත පුෂ්පකුමාර නමැති එම පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අවස්ථාවේදීයි.

හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනය අතැතිව සිටි නිලධාරියා වන්නේ ද ඔහුයි.

අතිරේක සොලිසිටර් ජනරාල්වරිය – ගිය අවුරුද්දෙ අපේ‍්‍රල් 16 වෙනිදා එවකට හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ විදෙස් සංචාරයට ජනාධිපතිවරයාගේ දරුවන් සහභාගි වුණේ නැද්ද?

සාක්‍ෂිකරු – ජනාධිපතිවරයාගේ පුතා කලින්ම ගිහින් ඉඳලා එහෙදි අපිත් එක්ක සම්බන්ධ වුණා. අනෙක් දරුවන් දෙන්නත් සහභාගි වුණා වගේ මතකයි.

සභාපති විනිසුරුවරයා – දැන් ඔබ කියනවා දරුවන් සහභාගි වුණා කියලා. නමුත් මේ කොමිසමේ පොලිස් එ්කකයට ප‍්‍රකාශ දෙද්දි දරුවන් එ් ගමනට සහභාගි වුණා කියලා සඳහන් කරලා නැහැ.

සාක්‍ෂිකරු – නැහැ ස්වාමීනී, මට එ් වෙද්දි මතකයක් තිබ්බෙ නැහැ.

සභාපති විනිසුරුවරයා – ඔබ දැනුවත් පරිදි හිටපු ජනාධිපතිවරයා 2019 වර්ෂයට පෙර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහිං තියෙනවද?

සාක්‍ෂිකරු – නැහැ ස්වාමීනි. මීට පෙර සිංගප්පූරුවට ගියා කියලා මතක නැහැ.

සභාපති විනිසුරුවරයා – හිටපු ජනාධිපතිවරයා ප‍්‍රතිකාර සඳහා කවදද මවුන්ට් එළිසබෙත් රෝහලට යොමුවුණේ.

සාක්‍ෂිකරු – ජනාධිපතිවරයා වරින් වර රෝහලට ගියා. නමුත් කිසිම අවස්ථාවක නේවාසිකව රැඳිලා ප‍්‍රතිකාර ගත්තෙ නැහැ.

සභාපති විනිසුරුවරයා – ඔබ දැන් එහෙම කිව්වට මේ කොමිසමේ පොලිස් එ්කකයට ඔබ ප‍්‍රකාශ කරල තියෙනවා හිටපු ජනාධිපතිවරයා අපේ‍්‍රල් 20 වෙනිදා දවසම රෝහලේ හිටිය කියලා. නමුත් හිටපු ජනාධිපතිවරයවත් කොමිසම හමුවේ එ්වගේ ප‍්‍රකාශයක් කරල නැහැ.

සාක්‍ෂිකරු – ස්වාමීනි, මම එ් ප‍්‍රකාශ සටහන් කරලත් දැන් බොහෝ කාලයක් වෙනවා. එ් ගැන මට හරි මතකයක් නෑ.

සභාපති විනිසුරුවරයා – හරි එහෙම නම් කියන්න හිටපු ජනාධිපතිවරයා අපේ‍්‍රල් 21 වෙනිදා රෝහලෙන් පිටතට ආවෙ උදේ නවයට නේද?

සාක්‍ෂිකරු – නැහැ ස්වාමීනි. ඊට වඩා ප‍්‍රමාද වුණා. මම හිතන්නේ දහය එකොළහ වෙන්න ඇති.

සභාපති විනිසුරුවරයා – මේ ගැනත් ඔබ පොලිස් එ්කකයට දීල තියෙන ප‍්‍රකාශය පරස් පරයි. ඔබ එතනදි කියල තිබුණේ පෙරවරු නවය කියලයි.

සාක්‍ෂිකරු – මම අද ප‍්‍රකාශ කරන දේ තමයි සත්‍ය ස්වාමීනි.

රජයේ අතිරේක සොලිසිටර් – මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පැජට් පාරේ පිහිටි නිල නිවසෙන් සිංගප්පූරුවේ ඔබ සතුව පැවති හිටපු ජනාධිපතිවරයාගේ රාජකාරි දුරකතනයට 2019 අපේ‍්‍රල් 18 ඉඳලා 21 වෙනිදා දක්වා ඇමතුම් 43 ක් ඇවිත් තියෙනවා. ඔබ සතුව පැවති දුරකතනයෙන් ඇමතුම් 7 ක් අරන් තියෙනවා. එ් කියන්නේ හිටපු ජනාධිපතිවරයා එතුමගෙ අවශ්‍යතාවලට ඔබේ දුරකතනයෙන් ඇමතුම් ගත්ත කියන එක නේද?

සාක්‍ෂිකරු – අපේ අවශ්‍යතාවලටත් ඇමතුම් ගන්නවා. අනික ජනාධිපතිතුමාගේ පවුලේ අයත් සම්බන්ධවෙලා හිටපු නිසා එයාලගෙ ඇමතුම් පවා මේ දුරකතනයට එනවා.
රජයේ අතිරේක සොලිසිටර් – අපේ‍්‍රල් 20 සවස 6.16 ට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්‍ෂවරයාව සිටි නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඔබ සතුව පැවති ජංගම දුරකතනයට ඇමතුමක් ආවද?

සාක්‍ෂිකරු – නෑ. එහෙම ඇමතුමක් ආවෙ නැහැ.

රජයේ අතිරේක සොලිසිටර් – ප‍්‍රහාරය එල්ල වූ දිනයේ පෙරවරු 7.59 ට පැජට් පාරෙ නිල නිවස හරහා නිලන්ත ජයවර්ධන මහතා ඔබ සතුව පැවති දුරකතනයට ඇමතුමක් ගත්ත නේද?

සාක්‍ෂිකරු – මට එ් ගැන මතකයක් නෑ.

රජයේ අතිරේක සොලිසිටර් – මහත්මයා. මේ ඇමතුම විනාඩි දෙකකටත් වැඩියි. එහෙම මතක නැතිවෙන්න බැහැනෙ.

සභාපති විනිසුරු – ඔබ මේ කොමිසමේ පොලිස් එ්කකයට දුන්නු සාක්‍ෂියට අත්සන් කළේ කියවල බලල නෙමෙයිද?

සාක්‍ෂිකරු – කියවල තමයි ස්වාමීනි.

 

 

 

The post මෛත්‍රීගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියාටත් වෙච්ච දේවල් කිව්ව දේවල් අමතක වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG