Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1693 දක්වා ඉහළට  

Add comments

ඉටුකම කොවිඩ් නයින්ටීන් සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල රුපියල් මිලියන 1693 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සෙලාන් බැංකුව රුපියල් ලක්ෂ 50ක් හා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය රුපියල් එක්කෝටි පනස් එක් ලක්ෂ තිස්හය දහස් හයසිය හතලිස් අටක මුදලක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. අදාළ චෙක් පත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වුවා.

ව්‍යාපාරිකයෙකු වන ගිහාන් එස් ජයසිංහ මහතා රුපියල් කෝටියක මුදලක් ජනාධිපතිතුමා වෙත භාර දුන්නා. චෙක් පත් හෝ ටෙලිග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් ඉටුකම ඩොට් එල් කේ වෙබ් අඩවිය ඔස්සේ ඉටුකම අරමුදලට දායක විය හැකියි.

 

 

 

The post ඉටුකම Covid – 19 අරමුදලේ ශේෂය මිලියන 1693 දක්වා ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG