Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසරේ සිට සතියේ එක් දිනක් දේශීය ඇඟලුම් භාවිතා කරමින් සේවයට වාර්තා කරන්නැයි ඉල්ලීමක්  

Add comments

ලබන වසර ආරම්භයේ සිට සතියේ එක් දිනක් දේශීයව නිෂ්පාදනය කරන ඇගලුම් භාවිත කරමින් සේවයට වාර්තා කරන ලෙස රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලීමක් කරනවා.

දේශීය අනන්‍යතාව ආරක්‍ෂා කිරීම සදහා රජය ප්‍රමුඛතාව ලබා දෙමින් කටයුතු කරනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස ලොව ඉදිරියේ අභිමානයෙන් නැගී සිටිය හැක්කේ දේශීය දේ අගය කරමින් ජාත්‍යන්තරයට ගෙන යාම තුළිනුයි. බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගලුම් නිෂ්පාදන දිරිගන්වමින් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වන්නේ ඒ අනුවයි. මිලියන 3 කට ආසන්න රාජ්‍ය සේවකයන් මේ සදහා දායක කර ගැනීම අරමුණු කර ගනිමින් සතියේ එක් දිනක් දේශීය ඇගලුම් භාවිත කරමින් සේවයට වාර්තා කරන ලෙසයි රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටින්නේ.

 

 

 

 

The post ලබන වසරේ සිට සතියේ එක් දිනක් දේශීය ඇඟලුම් භාවිතා කරමින් සේවයට වාර්තා කරන්නැයි ඉල්ලීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG