Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මාතර කොල්ලකෑමේ සැකකරුවන් රෝහලෙන් බන්ධනාගාරයට  

Add comments

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී දිවි පිදූ පොලිස් සැරයන්වරයාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද සිදු කෙරුණා. මේ අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු කරාපිටිය රෝහලේ සිට අගුණකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ඒම ද අද සිදුවුණා.

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී සැකරුවන් සහ පොලිසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවේ දී පොලිස්  සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතා ජීවිතක්ෂයට පත්වුණා. ඒ මහතාගේ දේහය තැන්පත්කර තිබූ මාතර ගොඩගම ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගිය නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා අද පෙරවරුවේ දේහයට අවසන් ගෞරව දැක්වූවා.

පසුගිය දින කිහිපයේ සිටම මැති ඇමතිවරුන් ඇතුලු විශාල පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වූවා. අද පස්වරුවේයි කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ සිට මාතර පොලිස් ස්ථානය වෙත දේහය රැගෙන යාම සිදුවුණේ. දේහය රැගෙන යමින් තිබූ රිය පෙරහැරට ගුවනේ සිට පුෂ්පෝපහාර දැක්වීම ද සිදු කෙරුණා. පොලිස් ආචාර වෙඩි මුර මධ්‍යයේ දේහය මිහිදන් කෙරුණේ මාතර පොදු සුසාන භූමියේ දීයි. මෙම විරුවාගේ අවසන් කටයුතු සිදු කෙරුණු අද දිනයේ මාතර නගරයේ සියලු වෙළෙඳසැල් වසා තබා ශෝකය පළ කර තිබුණා.

මේ අතර මාතර ස්වර්ණාභාරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අඟුණකොලපැලැස්ස බන්ධනාගාර වෙත රැගෙන යාම අද සිදු වුණා. කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ ඔවුන් බන්ධනාගාරය වෙත රැගෙන යාම සිදුවුණේ දැඩි රැකවල් මධ්‍යයේයි. සැකකරුවන් ලබන දෙවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඊයේ නියෝග කළා. රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියමිත අනෙක් සැකකරු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ තවදුරටත් රෝහලේ ප්‍රතිකාර ලබනවා. කරාපිටිය රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG