Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට රජයේ අවධානය  

Add comments

කොරෝනා වසංගතය හමුවේ පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ යටතේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීම අද සිට යළි ක්‍රියාත්මක වනවා.

මේ යටතේ යුක්රේන සංචාරකයන් පිරිසක් රැගත් යානයක් මත්තල ගුවන්තොටුපොළ වෙත අද පස්වරුවේ පැමිණීමට නියමිතයි. ඒ සංචාරකයන් 215 දෙනෙකුද රැගෙනයි. අද සිට ලබන ජනවාරි 24 වනදා දක්වා නියාමන ව්‍යාපෘතියක් ලෙස විදෙස් සංචාරකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇති. මාස නවයකට පසු සංචාරකයන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම ගුවන් යානය යුක්රේනයේ සිට අද පස්වරු දෙකයි තිහට දිවයිනට ළගාවීමට නියමිත යානයයි. මේ අතර චෙන්නායි සිට නාවික කාර්ය මණ්ඩලයේ දාහත් දෙනෙකු රැගත් යානයක් ද අද අලුයම මත්තල ගුවන්තොටුපොළට ළගා වුණා. එයා ඉන්ඩිගෝ මෙම යානය යළි චෙන්නායි බලා පියාසර කෙරුණේ එවැනිම මගීන් කිහිප දෙනෙකු ද රැගෙනයි.

 

 

 

The post පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය යළි නගාසිටුවීමට රජයේ අවධානය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG