කෙසෙල්ගමු ඔය රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් හය දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිරෝධායන උපදෙස් ද කඩකරමින් සැකකරුවන් අනවසර මැණික් ගැරීමේ නිරතව සිටි බවයි බගවන්තලාව පොලීසිය පවසන්නේ. මැණික් ගැරීම සිදුකළ ස්ථානයට යාබදව පිහිටි වතු යායේ නිවාස පේළියකින් විදුලි බලය ද ලබාගෙන සැකකරුවන් මෙම ජාවාරමේ නිරතව සිටි බව මූලික පොලිස් විමර්ශනවලදී හෙළිවුණා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව තෙරෙයිසාවත්ත පදිංචිකරුවන් වන අතර ඔවුන්ට එරෙහිව අධිකරණ ක්රියාමාර්ග ගැනීමටයි පොලීසිය කටයුතු කළේ.
The post අනවසරයෙන් මැණික් ගැරූ සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment