කොවිඩ් නයින්ටීන් වයිරසයට එරෙහිව ඉන්දියාව නිශ්පාදනය කරන කොවැක්සීන් එන්නත ඉහළ සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව වාර්තා වනවා.
මෙම එන්නත වයිරස පාලනයට ඉහල ප්‍රතිචාර දක්වන බවත්, එය වඩාත් ආරක්ෂාකාරී බවත් මෙහි පළමු සහ දෙවන අදියරේ පර්යේෂණවලින් හෙළිව තිබෙනවා. තුන්වන සහ හතරවන අදියරේ පර්යේෂණ එරට නගර විසි දෙකක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වනවා.
මේ වන විට එය ද ඉහළ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති බව සදහන්. මෙම එන්නත සංවර්ධනය වෙමින් පවතින රටවලට දරා ගත හැකි සහන මිලකට මෙන්ම සාමාන්‍ය ශීතකරණයක පහසුවෙන් ගබඩා කර ගත හැකි ආකාරයට නිශ්පාදනය කිරීම විශේෂත්වයක්.
මේ වන විට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇස්ට්‍රා සෙනෙකා සහ රුසියාවේ ස්පුට්නික් ෆයිව් යන කොවිඩ් එන්නත් දෙකේ ද නිශ්පාදන කටයුතු ඉන්දියාව තුළ ආරම්භ කර තිබෙනවා.
The post ඉන්දියාවේ නිශ්පාදිත කොවිඩ් එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්වයි appeared first on ITN News.
Post a Comment