2021 නව වසර උදාව උත්සව සහ සැණකෙළිවලින් තොරව සමරන ලෙස ජපාන අග්‍රාමාත්‍ය යොෂිඩේ සුගා එරට වැසියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
කොරෝනා වසංගතය පැතිර යාම පාලනය කිරීමේ අරමුණෙන් ඔහු එරට ජනතාවගෙන් මෙම ඉල්ලීම කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල්වලට ඇමෙරිකා ඩොලර් බිලියන 2.6 ක මුදලක් වෙන් කිරීමට ද ජපන් රජය පියවර ගෙන තිබෙනවා.
මේ අතර බ්‍රිතාන්‍යයේ පැතිර යන නව වයිරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් පස් දෙනෙකු ජපානයෙන් හදුනාගත් බව එරට සෞඛ්‍ය අංශ පවසනවා.
තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් නිරෝධායන සීමා තර කිරීමට ජපන් රජය කටයුතු කර තිබෙනවා.
The post නව වසර උදාව උත්සව සහ සැණකෙළිවලින් තොරව සමරන්නැයි ජපාන අගමැති එරට වැසියන්ගෙන් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment