Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුනාමි ව්‍යසනය සිදුවී වසර 16ක් සපිරෙයි  

Add comments

ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී තිබෙනවා.

මීට වසර 16 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් දහස් සංඛ්‍යාත පිරිසක් මියගියා. සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශ සහ නීතිවලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ඔවුන් සිහිපත් කිරිම මෙවර සිදුවන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ.

මේ අතර මෙවර සුරක්ෂිතතා දිනය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් සැමරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේ. ස්වාභාවික ආපදා සහ විපත්වලින් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම සහ වගවීම ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම තුලින් තහවුරු කර තිබෙනවා. ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් ද එය නිසි පරිදි ඉටුකිරිමට කැපවී සිටින බවයි චමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ.

ස්වාභාවික සම්පත් සම්බන්ධ රීතින්ට ගරු කිරිම සහ පාරිසරික සාධක නිසිපරිදි සංරක්ෂණය ඉතා වැදගත්. එමගින් හානි සහ උපද්‍රව අවම කරගත හැකි බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ. ඒ වෙනුවෙන් සියලුදෙනාටම පුරවැසි වගකීමක් පවතින බවද චමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

The post සුනාමි ව්‍යසනය සිදුවී වසර 16ක් සපිරෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG