වායුගෝලයේ විවිධ සංඝටක හා කාලගුණිත දත්ත ලබා ගැනීම සදහා අත්හදා බැලීමේ බැලුනයක් ගුවන්ගත කෙරුණා.
විශ්වවිද්‍යාලය 18 ක සිසු සිසුවියන් එක්ව සකස් කළ මෙම අත්හදාබැලීමේ බැලුනය ගුවන්ගත කෙරුණේ දඹුල්ල ඩී එස් සේනානායක විද්‍යාලයේදීයි. මෙම බැලුනය කිලෝමීටර 35 ත් 40 ත් අතර ඉහළ අහසට ගුවන් ගතවීමෙන් පසු එය පුපුරා එහි සවිකර ඇති පැරශුටයක් මගින් දත්ත සියල්ල පෘථිවියට ලැබෙන බව පර්යේෂණයේ නිරත සිසුන් පවසනවා.
නව තාක්ෂණික ක්‍රමවේදය සාර්ථක වුවහොත් ඉදිරියේදී මෙරට වෙනස්කම් රැසක් සිදු කිරිමට ඉඩකඩ ලැබෙන බවයි එම සිසුන් වැඩිදුරටත් පවසන්නේ.
The post පරීක්ෂණ දත්ත රැස් කිරීමට බැලුනයක් උඩු ගුවනට appeared first on ITN News.
Post a Comment