Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බ්‍රිතාන්‍ය සමඟ වෙළෙද සබදතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට සූදානම් බව ඇමෙරිකාව පවසයි  

Add comments

බ්‍රිතාන්‍ය සමඟ වෙළෙද සබදතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට සූදානම් බව ඇමෙරිකාව පවසනවා.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමය සමඟ පශ්චාත් බ්‍රේක්සිට් වෙළෙද ගිවිසුම අත්සන් තැබීමෙන් අනතුරුව ඇමෙරිකාව මේ බව නිවේදනය කර තිබෙනවා. බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය අතර ඇතිවූ වෙළෙද එකගතාවය වෙනුවෙන් තමන්ගේ සුබපැතුම් එක්කරන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.

ඊයේ අත්සන් තැබූ පශ්චාත් බ්‍රේක්සිට් වෙළෙද ගිවිසුමෙන් අනතුරුව බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගමය වෙන් වශයෙන් තම වෙළෙදපොල පවත්වාගෙන යාමට නියමිතව තිබෙනවා.

නව ගිවිසුම අනුව දෙපාර්ශ්වයටම යහපත් මෙන්ම අයහපත් තත්ත්වයන් නිර්මාණය වනු ඇති බවයි ලෝක ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

 

 

 

 

 

The post බ්‍රිතාන්‍ය සමඟ වෙළෙද සබදතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමට සූදානම් බව ඇමෙරිකාව පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG