Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය පෙරවරු 11ට කටුනායකට  

Add comments

කොවිඩ් නයින්ටීන් මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට‍්‍රා සෙනේකා කොවිෆීල්ඩ් එන්නත පෙරවරුවේ දිවයිනට ලගා වනවා.

එන්නත රැගත් ගුවන් යානය පෙරවරු 11 ට කටුනායක ගුවන් තොටු‍්‍රපළට ලඟාවීමටයි නියමිත. එම එන්නත් තොගය භාරගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහභාගී වන බවයි එන්නත් කමිටුවේ සභාපති ජනාධිපති ජේ්‍යෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කළේ.

චීනය ශ්‍රී ලංකාවට එන්නත් ලක්ෂ තුනක් ප‍්‍රදානය කිරිමට කැමැත්ත පළ කර තිබෙනවා. රුසියාවද ඔවුන් වැඩිදියුණු කළ ස්පුට්නික් එන්නත ශි‍්‍ර ලංකාවට ලබාදීමට කැමැත්ත පළකළා. ද්විපාර්ශවික සබඳතා හේතුවෙන් එම එන්නත් ලබාගැනීමට හැකිවනු ඇති බවයි ලලිත් වීරතුංග මහතා ප‍්‍රකාශ කළේ

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවලට පළමු අදියරේදී එන්නත ලබාදීමයි සැලසුම. ප‍්‍රධාන රෝහල් හයක් සහ යුද හමුදා රෝහල් දෙකක් මගින් එන්නත්කරණය හෙට සිට ආරම්භ කරන බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළේ.

එන්නත් ලැබීමෙන් පසු අද පස්වරුවේම දිස්ත්ත්‍රික් වෙත බෙදා හැරිම සදහා සැලසුම් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිහිගේ මහතා සදහන් කළේ.

වයස අවුරුදු 18 ට අඩු හා ගැබිනි සහ කිරිදෙන මව්වරුන්ට මෙම එන්නත ලබානොදෙන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේ්ෂඥ වෛද්‍ය සුසී ගමගේ මහත්මිය ප‍්‍රකාශ කළේ.

The post ඉන්දීය කොවිඩ් එන්නත රැගත් ගුවන් යානය පෙරවරු 11ට කටුනායකට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG