Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹෙයි  

Add comments

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අද ආරම්භ වුණා.

සබරගමුව විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 2050ක් වැය කිරීමට නියමිතයි. මහල් හයකින් සමන්විතවයි එය ඉදි කෙරෙන්නේ. ගොඩනැගිල්ල ඉදි කිරීමෙන් අනතුරුව ඊට අවශ්‍ය උපකරණ ආදිය මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 1750ක් වෙන් කර තිබෙනවා.

විශ්වවිද්‍යාලයේ විශාලතම ගොඩනැගිලි සංකීර්ණය මෙය වනු ඇති අතර එහි ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතයි.

ඉදිකිරීම් ආරම්භ කෙරුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, සබරගමුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උදය රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

 

The post සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG