කොරෝනා වයිරසය අසාදානය වී ප්‍රතිකාර ලබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ තත්ත්වය සුවඅතට හැරෙමින් පවතින බව ප්‍රතිකාර ලබාදෙන වෛද්‍යවරුන් පවසනවා.
අමාත්‍යවරියගේ පළමුපෙළ ආශ්‍රිතයින්ලෙස හදුනාගත් පිරිස නිරෝධායනයට ලක්කර ඇති අතර ඔවුන් පීසීආර් පරීක්ෂණවලට යොමුකිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාට කොරෝනා වයිරසය අසාදානය වී නොමැති බව පීසීආර් පරීක්ෂණයේදී තහවුරුවී තිබෙනවා.
කොරෝනා ආසාදිත වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සමග රූපවාහිනී වැඩසටහනකට ඉන්දික අනුරුද්ධ මහතා සහභාගිවීම හේතුවෙනුයි මෙසේ පීසීආර් පරීක්ෂණයකට ලක්කෙරුණේ.
The post සෞඛ්‍ය ඇමැතිනිය සුවඅතට appeared first on ITN News.
Post a Comment