Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මොසැම්බික් රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට  

Add comments

මොසැම්බික් රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. සුළි කුණාටුවෙන් ගොඩනැගිලි රැසක් විනාශයට පත්ව තිබෙනවා. ගංවතුර හේතුවෙන් අක්කර දහස් ගණනක වගා බිම් සම්පූර්ණයෙන් හානියට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නගර රැසක යටිතල පහසුකම් ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

පුද්ගලයන් අටදහසක් පමණ අවතැන් කදවුරුවල වාසය කරන බව එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. තවදුරටත් ධාරානිපාත වර්ෂා අපේක්‍ෂා කළ හැකි බවටයි මොසැම්බික් රාජ්‍යයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

 

 

 

The post මොසැම්බික් රාජ්‍යයට බලපා ඇති සුළි කුණාටු හේතුවෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG