Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

එරෙහි එන්නත් ලබා දීමේ ඉලක්කය වැඩි කරන බව ජෝ බයිඩ්න් පවසයි  

Add comments

ජනාධිපති ධුරයේ පළමු දින 100 තුළදී වෛරසයට එරෙහි එන්නත් ලබා දීමේ ඉලක්කය මිලියන සියයේ සිට මිලියන 150 දක්වා වැඩි කරන බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

ඒ අනුව එක් දිනක් තුළදී වෛරසයට එරෙහි එන්නත් මිලියන 15 ක් පමණ ජනතාවට ලබා දිය යුතුයි. අප්‍රේල් මස අග වන තෙක් නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද භාවිත කළහොත් පනස් දහසකගේ පමණ ජීවිත ආරක්‍ෂා කරගත හැකි බවයි ජෝ බයිඩ්න් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. වෛරස ව්‍යාප්තියත් සමග රැකියා අහිමිවූවන්ට ලබා දෙන ඩොලර් 600 මාසික දීමනාව ඉහළ දැමීමට ද අවධානය යොමුව ඇති බවයි බයිඩ්න් සදහන් කරන්නේ. මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දෙකෝටි පනස්අටලක්‍ෂ හැටඑක්දහස් පන්සිය අනූහතක්. වෛරසය හේතුවෙන් ජීවිතක්‍ෂයට පත් වූ සංඛ්‍යාව හාරලක්‍ෂ තිස්එක්දහස් තුන්සිය අනූදෙකක්.

 

 

The post එරෙහි එන්නත් ලබා දීමේ ඉලක්කය වැඩි කරන බව ජෝ බයිඩ්න් පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG