Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසලේ ක්‍රීඩා පිටියේ සිහිනය ජනපතිට කියූ දියණියගේ පැතුම පැය 24කින් ඉටු වෙයි  

Add comments

ඊයේ මතුගම පැලවත්ත තිනියාවල ප්‍රදේශයේ ගම සමඟ පිළිසදර වැඩසටහනට ගිය ජනාධිපතිතුමාගෙන් පාසල් යන දියණියක් ඉල්ලීමක් කළා. ඒ ඉල්ලීම ඒ මොහොතේම ජනාධිපතිතුමා අදාළ අංශවලටත් දැනුම් දුන්නා.

ජනාධිපතිතුමා ගම සමඟ පිළිසදරක් වැඩසටහනට එක්වූ අවස්ථාවේදී පාසල් ශිෂ්‍යාවක ඉල්ලා සිටියේ තම විදුහලේ ක්‍රීඩාංගනය ඇතුලු පහසුකම් සම්පූර්ණ කර දෙන ලෙසයි. ඒ අනුව ජනාධිපතිතුමා යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලබා දුන් උපදෙස් අනුවයි පැය 24 ක්  යාමටත් පෙර ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට කටයුතු කෙරුණේ. තිනියාවල යට්ටපාත හතේ කණුව ප්‍රදේශයේ මහජන ක්‍රීඩාංගනය , හෙවෙස්ස කණිෂ්ට විද්‍යාලයේ සහ යට්ටපාත කණිෂ්ට විද්‍යාලයේ ක්‍රීඩාංගන ද ඉදිකිරීම යුද හමුදාවේ මැදිහත් වීමෙන් ආරම්භ කෙරුණා. ඉතා කෙටි කලක් තුළ සිය ඉල්ලීම් ඉටුකර දීමට මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට හා යුද හමුදාපතිවරයාට සිය ප්‍රශංසාව පුද කරන බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට මේජර් ජනක මාපටුන මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් සහ වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපති උදෙනි අතුකෝරළ මහතා එක්ව සිටියා.

 

The post පාසලේ ක්‍රීඩා පිටියේ සිහිනය ජනපතිට කියූ දියණියගේ පැතුම පැය 24කින් ඉටු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG