Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන මස පළමුවෙනිදා  

Add comments

ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය ලබන මස පළමුවෙනිදා සිට යළි ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

නීතිවිරෝධී ආකාරයට ගාලු වරාය ආසන්නයේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන ගිය බවට චෝදනා කරමිනුයි නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙන්නේ.

කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් ඉදිරියේ මෙම නඩුව යළි විභාගයට ගැනීමට නියමිතයි. ඉකුත් ඔක්තෝබර් මාසයේ සිට නිරෝධායන ඇදිරිනීතිය හේතුවෙන් නඩුව විභාගයට ගැනීම කල් දමා තිබුණා.

The post නිශ්ශංක සේනාධිපති ඇතුළු 8 දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර විභාගය ලබන මස පළමුවෙනිදා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG