කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා පනවා ඇති ඇදිරි නීතිය ඉවත් කරන ලෙස ඉල්ලමින් නෙදර්ලන්තයේ පැවැත්වෙන උද්ඝෝෂණ අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
විරෝධතා අතරතුරදී පොලිසීය හා උද්ඝෝෂකයන් අතර ගැටුම් ද හටගෙන තිබෙනවා. එහිදී 150 ක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමටයි පොලීසිය ක්‍රියාකර ඇත්තේ. පිරිස පලවා හැරීමට රබර් උණ්ඩ හා කදුලු ගෑස් ප්‍රහාර ද එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයිරස ව්‍යාප්තිය මැඩලීමට පසුගිය සෙනසුරාදා සිට රාත්‍රී කාලයේදී එරට ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. නෙදර්ලන්තයේ වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ 10 කට ආසන්න වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 13,500 ඉක්මවා ඇති බව ඇමෙරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය සදහන් කරනවා.
The post නෙදර්ලන්තයේ තුන්වන දිනටත් උද්ඝෝෂණ appeared first on ITN News.
Post a Comment