Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතාගේ අවසන් කටයුතු හෙට  

Add comments

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතා අද ජීවන රඟමඩලට සමුදුන්නා. පසුගිය දෙසැම්බර් 20 වනදා විකාශය වූ අමතක නැති මතක විශේෂාංගයෙන් මේ ප්‍රවීණ රංගන ශිල්පියා ගැන අපි රටටම කිව්වා. ඒ වන විටත් ඔහු සිටියේ දැඩි ලෙස රෝගාතුරවයි.

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතා අභාවප්‍රාප්ත වන විට 68 වන වියෙහි පසුවුණා. 1969 වසරේදී වේදිකා ගත වූ ‘‘රෙදි හෝදන මහත්වරුන්‘‘ වේදිකා නාට්‍ය ඔස්සේ ඒ මහතා වේදිකාවට පිවිසුනා. එතැන් පටන් වේදිකා නාට්‍ය 30 කට අධික සංඛ්‍යාවකට  ඒ මහතා ස්වකීය රංගන දායකත්වය ලබා දී තිබෙනවා. එමතුද නොව ටෙලිනාට්‍ය කලාවෙන්ද ප්‍රේක්ෂක සිත් මත ආදරයෙන් ලැගුම් ගන්නට ජයතිස්ස අතුලසිරි නම් මේ කලාකරුවාට හැකි වුණා.

හිම ගිරි අරණ ටෙලි නාට්‍යයෙන් මෙරට ටෙලි නාට්‍ය කලාවට එක්වන ඔහු ස්වයංජාත, ගිරිකුල, ගිරිදේවී, ඇතුළු විශිෂ්ඨ ටෙලි වෘතාන්ත 80 කට රංගනයෙන් එක්වුණා. ජයතිස්ස අතුලසිරි මහතා සිනමාවට එක්වුණේ 1988 වසරේ තිරගතවූ සූරියකාන්තා චිත්‍රපටයෙන්. එතැන් සිට අසිනි වර්ෂා, අරුමෝසම් වැසි,ඉර මැදියම හා සුදුකළු සහ අලු යන චිත්‍රපට අතුළු චිත්‍රපට 40කට පමණ රංගනයෙන් එක්වී තිබෙනවා.වසර 40කට අධික කාලයක් සිය රංගන හැකියාවෙන්  ප්‍රේක්ෂක සිත් සැනසූ ජයතිස්ස අතුලසිරි නම් මෙම විශිෂ්ඨ කලාකරුවා අද අලුයම අනුරාධපුර ශික්ෂණ රොහලේදී අප අතරින් සමුගත් අතර ඒ මහතාගේ දේහය මේ වන විට අනුරාධපුර පොතානේගම පිහිටි නිවසේ තැන්පත්කර තිබෙනවා. දේහය පිළිබද අවසන් කටයුතු හෙට පස්වරු 05.00 ට පොතානේගම ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

 

The post ප්‍රවීණ රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරි මහතාගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG