Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනයේ රත්‍රන් ආකරයක සිරව සිටි පිරිසෙන් එක් අයෙකු ගලවා ගැනේ  

Add comments

චීනයේ රත්‍රන් ආකරයක මීටර් 600 ක් ගැඹුරින් සිරව සිටින පිරිසෙන් එක් අයෙකු ගලවා ගැනීමට සහන කණ්ඩායම් අද සමත් වුණා.

අනතුර සිදුවී සති දෙකක කාලයකට පසුවයි ඔහුව ගලවා ගැනීමට සමත් වී ඇත්තේ.  තවත් පුද්ගලයින් 10 දෙනෙකු ආකරය තුළ සිරව සිටින අතර ඔවුන්ගෙන් වෙන්ව වෙනත් ස්ථානයක මෙම පුද්ගලයා සිරව සිට තිබෙනවා. කෙසේ වුවද ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් දුර්වල මට්ටමක පවතින බවයි වාර්තා වන්නේ. රත්‍රන් ආකරයේ පිවිසුම් දොරටුව අසල සිදුවූ පිපිරීමකින් එයට  ඇතුල්වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා. පසුගිය දින 14 ක කාලය මුළුල්ලේ ඔවුන්ට අවශ්‍ය ඖෂධ,ආහාර, ජලය හා දුරකතන පහසුකම් වෙනත් කුඩා උමගක් ඔස්සේ ලබාදී තිබෙනවා.

 

 

 

The post චීනයේ රත්‍රන් ආකරයක සිරව සිටි පිරිසෙන් එක් අයෙකු ගලවා ගැනේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG