රුසියා විපක්ෂ දේශපාලනඥ ඇලෙක්සි නවාල්නිට රුසියා අධිකරණයෙන් සිරදඩුවම් නියම කළා. ඒ ඔහුට ලබා දී තිබූ අත්හිටවූ සිරදඩුවමට අදාළ කොන්දේසි කඩ කිරීම හේතුවෙන්.
ඇලෙක්සි නවාල්නිට සහයෝගය දක්වමින් විශාල පිරිසක් මොස්කම් නගරයේ උද්ඝෝෂණවල නිරත වුණා. එසේ උද්ඝෝෂණයේ නිරතවූ තුන් දහසක පමණ පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගෙන තිබෙනවා. රුසියා ජනාධිපති වැලැඩ්මියර් පුටින්ගේ පාලන තන්ත්‍රය දැඩිව විවේචනයට ලක්කරන දේශපාලනඥයෙකු ලෙසයි නවාල්නි සැලකෙන්නේ. විෂ ශරීරගත වීම හේතුවෙන් මාස 5 ක පමණ කාලයක් ජර්මනියේ ප්‍රතිකාර ලැබූ ඔහු නැවත රුසියාවට පැමිණි මොහොතේ ප්‍රශ්න කිරීම සදහා පොලිස් භාරයට ගැනුණා. ඉන් අනතුරුවයි ඔහුට සහයෝගය පළ කරමින් රුසියාව පුරා උද්ඝෝෂණ ආරම්භ කෙරුණේ.
The post ඇලෙක්සි නවාල්නිට රුසියා අධිකරණයෙන් සිරදඬුවම් appeared first on ITN News.
Post a Comment