Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයකට පොලීසියෙන් කඳුළුගෑස් හා බැටන්පොලු ප්‍රහාර  

Add comments

ඉන්දියාවේ ගෝපාල් නගරයේ ගොවීන් ක්‍රියාත්මක කළ උද්ඝෝෂණයක් කදුළුගෑස් හා බැටන්පොලු ප්‍රහාර එල්ල කරමින් පාලනය කිරීමට එරට පොලීසිය කටයුතු කර තිබෙනවා.

මෙම උද්ඝෝෂණයට ඉන්දියාවේ විපක්‍ෂය වන කොංග්‍රස් පක්‍ෂයේ සාමාජිකයන් ද එක් වූ බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. රජය සම්මත කරගෙන ඇති නව නීති මගින් සිය දෛනික ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වන බවට චෝදනා කරමින් ගොවි ජනතාව උද්ඝෝෂණ ආරම්භ කළා. දෙහෙරාදූන් නගරයේ ගොවි ජනතාව ට්‍රැක්ටර් රථ මත නැගී උද්ඝෝෂණ සිදු කළ අවස්ථාවේදි ඔවුන් අත්අඩංගුවට ගැනීමට ද පොලීසිය කටයුතු කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ නව නීති මගින් ගොවි ජනතාවට යහපතක් මිස අයහපතක් සිදුනොවන බවයි.

 

 

 

 

The post ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණයකට පොලීසියෙන් කඳුළුගෑස් හා බැටන්පොලු ප්‍රහාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG