ඉන්දීය රජය සම්මතකර ගත් ගොවි පනත්වලට එරෙහි විරෝධතා අඛණ්ඩව ගෙන යන බව ඉන්දීය ගොවි සංවිධාන පවසනවා.
72 වන ඉන්දීය ජනරජ දිනය යෙදී තිබූ ඊයේදිනයේ දිල්ලියේ ඓතිහාසික රතුබලකොටුව ආක්‍රමණය කළ ගොවීන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ඇතිවුණා. ගැටුම්වලින් එක් පුද්ගලයෙකු මිය ගිය අතර පොලිස් නිලධාරීන් 80කට වැඩි පිරිසක් තුවාල ලැබුවා. ඉන්දීය රජය සම්මතකරගත් ගොවි පනත්වලට එරෙහි විරෝධතාවල නිරත ගොවි සංවිධානවල ට්‍රැක්ටර් රථ පෙළපාලියට එක්කර ගැනීම සඳහා එරට පොලිසියේ අනුමැතිය ලැබී තිබුණා. පොලිසිය අනුමත කළ සීමාවන් නොසලකමින් ගොවි විරෝධතාකරුවන් මාර්ග බාධක බිඳ දමා රතු බලකොටුවට ඇතුළු වූ අතර ඔවුන් පාලනය කිරීම සඳහා කදුළු ගෑස් සහ බැට්න් ප්‍රහාර එල්ලකිරීමට ඉන්දීය පොලිසිය කටයුතු කළා.
The post ගොවි පනත්වලට එරෙහි විරෝධතා අඛණ්ඩව ගෙන යන බව ඉන්දීය ගොවි සංවිධාන කියයි appeared first on ITN News.
Post a Comment