කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ප්‍රංශ රජය ගෙන යන වැඩපිළිවෙලට එරෙහි උද්ඝෝෂණ උත්සන්න වී තිබෙනවා.
ප්‍රංශයේ පැරිස් නුවර වීදි පුරා විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට එරට ගුරුවරුන් සමඟ සිසුන්ද එක්ව සිටිනවා. කොරෝනා මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔවුන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව ඇති බවයි වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. වසංගත ව්‍යාප්තිය හමුවේ පාසල් විවෘත කිරීමට කටයුතු කළද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නිසි ආකාරව අඛණ්ඩව සිදුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. පාසල් සිසුන් වසංගතයට ගොදුරුවූ විට පත්වන දුෂ්කරතාවයන් කෙරෙහි රජය අවධානය යොමු කර නොමැති බවයි පවසන්නේ. මෙම තත්ත්වය මත මුළුමහත් සමාජයම සාමාජීය ආර්ථික මෙන්ම මානසික ගැටලු රැසකට මුහුණපා ඇති බව ඔවුන් අවධාරණය කරනවා.
The post ප්‍රංශයේ කොරෝනා මර්දන වැඩපිළිවෙලට එරෙහිව උද්ඝෝෂණ උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment