හිටපු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරටත් දෝෂාභියෝගයට ලක් කිරීම සදහා අනුමැතිය ලබාදීම ඇමෙරිකා සෙනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සෙනට් මණ්ඩලයේ තුනෙන් දෙකක ඡන්ද සංඛ්‍යාවක් ඒ සදහා අවශ්‍ය වන අතර ඊට රිපබ්ලිකන් පාක්ෂික සෙනට් සභිකයන් දාහත් දෙනෙකුද ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා. එහෙත් ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන් සමග හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට එක් වී ඇත්තේ රිපබ්ලිකන් සභිකයන් පස්දෙනෙකු පමණයි. පසුගිය ජනවාරි හය වනදා ජෝ බයිඩ්න්ගේ ජනාධිපති ධූරය සහතික කරන දිනයේ ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ආක්‍රමණය කිරීමට ආධාරකරුවන් පෙළඹවීම ට්‍රම්ප්ට එරෙහිව එල්ල වූ දෝෂාභියෝග චෝදනාව වුණා. මේ අතර නව ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා ලෙස ඇන්තනී බ්ලින්කන් පත් කිරිම සදහා සෙනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.
The post ට්‍රම්ප් දෙවන වරටත් දෝෂාභියෝගයට ලක් කිරීම සඳහා අනුමැතිය නොදීමට සෙනට් මණ්ඩලය තීරණය කරයි appeared first on ITN News.
Post a Comment