Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

බන්ධනාගාර ගත කර සිටින නාකොටික් නිලධාරීන්ගේ ඇප පෙත්සම්වලට නීතිපතිගේ දැඩි විරෝධය  

Add comments

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ජාවාරම් කළ බවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම කාර්යාංශයේ පස් දෙනෙකු ඉදිරිපත්කළ පෙත්සම්වලට නීතිපතිවරයා දැඩි විරෝධය පළකලා. ඒ එම ඇප ඉල්ලීම් කොළඹ මහාධිකරණය හමුවේ අද කැදවූ අවස්ථාවේයි.

පොලිස් පරික්ෂක ලයනල් ජයරත්න යන අය ඇතුළු පස් දෙනෙකුයි මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ. ඇප ඉල්ලීම්වලට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද කෙටි විරෝධතාවක් ගොනු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවා.

එම ලිඛිත විරෝධතා පෙබරවාරි 25 වනදා ගොනු කරන ලෙස දැනුම් දුන්නා.

The post බන්ධනාගාර ගත කර සිටින නාකොටික් නිලධාරීන්ගේ ඇප පෙත්සම්වලට නීතිපතිගේ දැඩි විරෝධය appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG