පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා පිළිබද විමර්ශනවල සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් කැදවන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
හිජාස් හිස්බුල්ලා මහතා නිදහස් කරන ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ලිඛිත දේශන හා නීතිපති දෙපාර්තමේන්තුවේ ලිඛිත දේශන සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබද තීන්දුව ලබන මස 24 වනදා ප්‍රකාශයට පත්කරන බව පැවසුවා. හිජාස් හිස්බුල්ලා මහතාට මේ වන විට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ඔහු කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රදවා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලා මහතා පසුගිය අප්‍රේල් මාසයේ සිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.
The post කොටුව මහේස්ත්‍රාත්වරයා හිජාස් හිස්බුල්ලා ගැන සම්පිණ්ඩන වාර්තාවක් ඉල්ලයි appeared first on ITN News.
Post a Comment