Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධික හිමපතනයත් සමඟ ස්පාඤ්ඤයේ ගුවන් ගමන් වලට බාධා  

Add comments

අධික හිමපතනය සමඟ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඇතැම් පුද්ගලයන් අතරමං වී සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

ගුවන් යානා සිය ගණනක් අහෝසි කිරීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ. හිම ඉවත් කිරීම සඳහා ස්පාඤ්ඤ හමුදාව මැදිහත්ව තිබෙනවා. අධික හිම තත්ත්වය නිසා ගුවන් යානා ගොඩබැස්සවීම ගැටලුකාරී වී ඇති බව සඳහන්. මැඩ්රිඩ් නගරයේ ඇතැම් ස්ථානවල හිමපතනය සෙන්ටීමීටර 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා. උෂ්ණත්වය ද සෘණ සෙල්සියස් අංශක 10 දක්වා පහත වැටුණා.

 

 

The post අධික හිමපතනයත් සමඟ ස්පාඤ්ඤයේ ගුවන් ගමන් වලට බාධා appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG