කොරෝනා වයිරස ව්‍යාප්තිය ආරම්භයෙන් පසු බ්‍රිතාන්‍යයේ වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිතා කරන රෝගීන් සංඛ්‍යාව පළමු වරට හාරදහස ඉක්මවා තිබෙනවා.
ඒ අනුව වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිතා කරන රෝගීන් සංඛ්‍යාව 4076ක් බවයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ නිවේදනය කරන්නේ. මීට පෙර වැඩිම වෙන්ටිලේටර් යන්ත්‍ර සංඛ්‍යාවක් පසුගිය අප්‍රේල් මාසයේ දී භාවිතා කර ඇති අතර එම සංඛ්‍යාව 3301 ක්.
මේ අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ගතවූ පැය 24 ට එරට මරණ 1348 ක් සිදුව ඇති අතර ඒ සමඟම සමස්ත මරණ සංඛ්‍යාව 97,329ක් දක්වා ඉහළ ගියා. මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමඟම ලන්ඩන් නගරයේ සහ ගිණිකොන දිග බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ මෘතදේහ සම්බන්ධයෙන් ගැටලුවක් ද පැනනැගී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
The post බ්‍රිතාන්‍යයේ වෙන්ටිලේටර් යන්ත්‍ර භාවිතා කරන රෝගීන් සංඛ්‍යාව හාරදහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment