කොරෝනා වයිරස ව්‍යාප්තිය හේතුවෙන් නෙදර්ලන්තය සති තුනකට සම්පූර්ණයෙන් වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන අගහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට වසා දැමෙනු ඇති.එරට නිරෝධායන නීති මෙම මස 19 වන දින ලිහිල් කිරීමට නියමිතව තිබුණද මෙම තීරණයත් සමඟ එය පෙබරවාරි මාසය දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි. පසුගිය ඔක්තෝබර් මාසයේ සිට එරට මත්පැන් අලෙවිසැල් ,අවන්හල් , සාප්පු සංකීර්ණ හා පාසල් වසා දමා තිබෙනවා. දැඩි නිරෝධායන නීති සමගම එරට ආර්ථිකය ක්‍රමිකව කඩා වැටීමට ලක්ව ඇති බවයි විශ්ලේෂකයින් සඳහන් කරන්නේ. කෙසේ වුවද නිරෝධායන නීති ක්‍රියාත්මක වීමත් සමඟම නෙදර්ලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12% කින් පමණ පහළ බැස තිබෙනවා.
The post නෙදර්ලන්තය සති තුනකට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment