සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවී තිබෙනවා. ඊයේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන්ද එය සනාථ වුණා.
ඒ අනුව අමාත්‍යවරිය හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඇය අවසන්වරට සහභාගි වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පැවති වැඩසටහනට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියා.
අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අමතරව අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන මහත්වරුන්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මීට පෙර තහවුරු වුණා.
මේ අතර ය තුළ කොරෝනා රෝගීන් නොමැති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සදහන් කළා.
The post කොවිඩ් ආසාදිත සෞඛ්‍ය අමාත්‍යවරිය හික්කඩුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට appeared first on ITN News.
Post a Comment