Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිගේ සුව දුක් විමසයි  

Add comments

නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරස්ථානයට ගිය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (28) දින විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ සුව දුක් විමසා බැලුවේය.

දුරුතු පුර පසලොස්වක පොහොය දිනය බුදුරජාණන් වහන්සේගේ පළමු ලංකාගමනය සිහිපත් කරවන බව සදහන් කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නව වසරේ පළමු පොහොය දිනයේ කැලණිය රජ මහා විහාරය වැදපුදා ගැනීමට පැමිණීම අගය කරන බව පැවසූහ.

රටේ දේශපාලන, සමාජීය හා ආර්ථික ක්‍රියාපිළිවෙතට අදාළ ධර්මානුකූල පිළිවෙත් පිළිබඳව අනුශාසනා කළ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ, අග්‍රාමාත්‍යතුමාට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද එක් කළහ.

කැලණිය රජ මහා විහාරයේ දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක වෛද්‍ය සමන් වීරසිංහ මහතා ඇතුළු පැමිණ සිටි මහජන නියෝජිතයන් සමඟ ද අග්‍රාමාත්‍යතුමා මෙහිදී සුහද පිළිසදරක නිරත විය.

අනතුරුව අග්‍රාමාත්‍යතුමා, තරුණ තරුණියන් 500 දෙනෙකු ශීල සමාදානය වූ කැලණිය රජ මහා විහාරයේ පැවැති ශීල වැඩසටහනට හා සම්බන්ධ විය.

එහිදී ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ විසින් උන්වහන්සේ රචිත තරුණ සිතට බුදු දහම කෘතිය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලැබූහ.

අග්‍රාමාත්‍යතුමා මෙම අවස්ථාවට එක්ව සිටි මහා සංඝරත්නයට නා පැළ ඇතුළු ශාක විශේෂ රුක් රෝපණය සදහා පුජා කළේය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන්වන ප්‍රසන්න රණවීර, සිසිර ජයකොඩි, කැලණිය දායක සභාවේ සභාපති අග්‍රාමාත්‍ය උපදේශක සමන් වීරසිංහ, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරු ඇතුළු බැතිමතුන් පිරිසක් එක්ව සිටියහ.

 

The post අගමැති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමිගේ සුව දුක් විමසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG