Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝපයේ නව කොරෝනාවට එරෙහිව නොවා වැක්ස් සාර්ථකයි – බ්‍රිතාන්‍යය කියයි  

Add comments

යුරෝපයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා ප්‍රබේදයට එරෙහිව සටන් කළහැකි  නොවා වැක්ස් එන්නත සාර්ථක බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

මෙම එන්නත නව කොරෝනා ප්‍රබේදයට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිශතය සියයට අසූනවයයි දශම තුනක් බව සදහන්.

මෙම එන්නත බ්‍රිතාන්‍යයෙන් හදුනාගත් නව කොරෝනා ප්‍රබේදයට එරෙහිව සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව සදහන්. සායනික පරීක්ෂා තුනකදී ඒ බව තහවුරුකර තිබෙනවා.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසන්නේ මෙය ඉතා යහපත් තත්ත්වයක් බවයි. වයස අවුරුදු 18 ත් – 84 ත් අතර පුද්ගලයින් පහළොස්දහසක් පමණ මෙම පරීක්ෂණය සදහා යොදාගැණුනා. බ්‍රිතාන්‍ය ඖෂධ හා සෞඛ්‍ය පාලන නියාමන ඒජන්සිය අනුමත කළහොත් මෙම වසර මැද භාගයේ දී එන්නත ලබාදිය හැකි බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම එන්නත දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් නව කොරෝනා වයිරස ප්‍රබේදයට එරෙහිව සියයට හැටක සාර්ථකත්වයක් පෙන්වා තිබෙනවා. බ්‍රිතාන්‍ය මේ වනවිට ඇස්ට්‍රා සෙනෙකා,  ෆයිසර් සහ මොඩර්නා යන එන්නත් තුන සදහා අනුමැතිය ලබාදී අවසන්.

 

 

The post යුරෝපයේ නව කොරෝනාවට එරෙහිව නොවා වැක්ස් සාර්ථකයි – බ්‍රිතාන්‍යය කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG