Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද  

Add comments

අබුඩාබි ටී ටෙන් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද (29) පැවැත්වෙනවා.

ඊයේ පැවති නෝදන් වොරියර්ස් හා මරතා ඇරබියන්ස් අතර තරගය කඩුලු පහකින් ජයගත්තේ මරතා ඇරබියන්ස් කණ්ඩායමයි. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් වොරියර්ස් ක්‍රීඩකයින් කඩුලු 2 ක් දැවී ලකුණු 127 ක් ලබාගත් අතර ඇරබියන්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසුකලා.

ඩෙකන් ග්ලැඩියේටර්ස් සහ පූනේ ඩෙවිල්ස් අතර තරගයෙන් කඩුලු 7 ක ජයක් හිමිවූයේ පූනේ ක්‍රීඩකයින්ටයි. ඩෙකන් ග්ලැඩියේටර් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 104 ක් ලබාගත්තා. පූනේ ක්‍රීඩකයින් එම ඉලක්කය කඩුලු 3 ක් පමණක් දැවී තිබියදී පසුකළා. බන්ග්ලා ටයිගර්ස් හා දිල්ලි බුල්ස් අතර තරගය දිල්ලි බුල්ස් ක්‍රීඩකයින් ජයගත්තේ කඩුලු 4 කින්.

තවත් තරග තුනක් අද පැවැත්වෙනවා. තරගාවලියේ සියලු තරග ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් ටීවී ඔස්සේ සජීවීව විකාශය කෙරෙනවා.

 

 

The post අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG