ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබද මහකොමසාරිස් මිෂෙල් බැෂලේගේ වාර්ෂික වාර්තාව පසුගියදා ඉදිරිපත් කෙරුණා.
මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබද චෝදනා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකාව අසමත් වී ඇති බව ඇගේ වාර්තාවේ සදහන් වනවා.
රජයේ ක්‍රියාකාරකම් හමුදාකරණය වීම, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජනාධිපතිවරයාගේ විධායක බලතල පුළුල් කර ඇති බවද ඇය පවසනවා. 19 වන ව්‍යවස්ථා සංශෝධානයෙන් අත්කරගත් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරයන් 20 වන සංශෝධනය හරහා ආපස්සට හැරී ඇති බව ද සිය වාර්තාව තුළින් මානව හිමිකම් මහකොමසාරිස්වරිය චෝදනා කරනවා.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය සජීව වැඩසටහනේදී අදහස් දැක්වුවා.
මේ අතර විදේශ ගතව සිටිමින් මව්බිමට හා රණවිරුවන්ට එරෙහිව කටයුතු කරන පුද්ගලයන් මෙරටට ගෙන්වාගෙන ඔවුන්ට නීතිව ක්‍රියාත්මක කරන්නැයි එක්සත් රණවිරු ප්‍රජාව නැමැති සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා.
The post මානව හිමිකමේ මිෂෙල්ගේ බොරුවලට ආරක්ෂක ලේකම්ගෙන් නිසි පිළිතුරු appeared first on ITN News.
Post a Comment