Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දීය ධීවර ගැටලුව විසදීමට ත්‍රිපුද්ගල කමිටුවක්  

Add comments

ඉන්දීය ධීවර ගැටලුව විසදීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා. අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතායි එම කමිටුව පත්කර තිබෙන්නේ.

ඉන්දීය ධීවරයන් නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමා උල්ලංඝනය කිරීම හේතුවෙන් ලාංකික ධීවරයන් අපහසුතාවන්ට මුහුණ දෙනවා. එමෙන්ම මෙරට මුහුදු සම්පතට ද දැඩි හානියක් සිදුවෙමින් පවතිනවා. මෙම නීති විරෝධී කටයුතු වහාම නතර කර දෙන ලෙස ඉල්ලමින් මෙරට ධීවරයන් දිගින් දිගටම උද්ඝෝෂණ සිදු කළා. මෙම ගැටලුවට ස්ථිර විසදුමක් ලබා දීමට අවශ්‍ය නිර්දේශ ධීවර අමාත්‍යාංශයට ලබා දීම සඳහායි මෙම ත්‍රිපුද්ගල කමිටුව පත්කර තිබෙන්නේ. ධීවර අමාත්‍යාංශය , ධීවර දෙපාර්තමේන්තුව , ධීවර සංගම් නියෝජිතයන් මෙන්ම වෙරළාරක්‍ෂක හමුදාව සමඟ ද සාකච්ඡා කර අදාළ නිර්දේශ ලබා දීමට නියමිතයි.

 

 

The post ඉන්දීය ධීවර ගැටලුව විසදීමට ත්‍රිපුද්ගල කමිටුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG