වැලි මිල ඉහළ යාම පාලනයට රජය මැදිහත් විය යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබෙනවා.
වැලි ප්‍රවාහනය කරන සංගම් හා අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර සාකච්ඡාවක් පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මනම්පිටිය වැලි සම්බන්ධව වෙළෙදපොළේ ඉහළ ඉල්ලුමක් පවතිනවා. ඇතැම් වැලි ජාවාරම්කරුවන් ජනතාව සූරාකමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. මේ අනුව වැලි බෙදා හැරීම මුළුමණින්ම රජයේ මැදිහත්වීම මත සිදුවිය යුතු බවට ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පැවසුවා. මනම්පිටියෙන් රුපියල් දාහතර දහසකට මිලදී ගන්නා වැලි වෙළෙදපොළෙහි අලෙවි කරනුයේ කියුබ් 3 ක මිල රුපියල් පනස්පන් දහසක් වශයෙන්. මෙම තත්ත්වය පාලනය නොකළහොත් ඉතා කෙටි කලක් තුළ වැලි මිල රුපියල් හැට දහස ඉක්මවනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා. වැලි බලපත්‍ර ලබා දීම සදහා ව්‍යාජ කරුණු සහිත ලිපි ඉදිරිපත් කරන ග්‍රාම නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
The post වැලි මිල පාලනයට රජය මැදිහත් විය යුතු බව ජනාධිපති කාර්ය සාධක බලකාය නිර්දේශ කරයි appeared first on ITN News.
Post a Comment