දීඝවාපි රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබද සොයා බැලීමට ආරක්ෂක ලේකම් සහ යුද හමුදාපති එම ඓතිහාසික භූමියේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගී වුණා.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නන්දන සේනාධීර යන මහත්වරුන් දීඝවාපිය රජමහා විහාරස්ථාන භූමිය වෙත පැමිණ ඉදිකිරීම් නිරීක්ෂණය කළා.
රජමහා විහාරාධිපති පූජ්‍ය මහ ඔය සෝභිත ස්වාමීන්වහන්සේ බැහැදැක ඉදිරි සංවර්ධන සැලසුම් පිලිබදව ද සාකච්ඡා කළා. දීඝවාපි දාගැබේ ඉදිරි සැළසුම් සහ ඒ සදහා දායකත්වය ලබාගැනීම පිළිබද අවධානය යොමු කෙරුණා. දාගැබේ ප්‍රතිසංස්කරණ වසර 03 කින් නිම කිරීම සැළසුම වන අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරෙන කැනීම පිළිබදවද සාකච්ඡා කෙරුණා.
The post ආරක්‍ෂක ලේකම් හා යුද හමුදාපති දීඝවාපි විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක appeared first on ITN News.
Post a Comment