හෙරොයින් ග්‍රෑම් 45 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ මහ වීදියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බලන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කළේ. වෙළෙඳ ව්‍යාපාර සිදු කරන මුවාවෙන් මොවුන් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
මේ අතර මොණරාගල බක්මිටියාව රක්ෂිතයේ පවත්වාගෙන ගිය අක්කරයක පමණ ගංජා හේනක් වැටලීමට දොළොස් වන සේනාංකයට අයත් 121 වන බලසේනාව යටතේ පාලනය වන 18 වන ගැමුණු හේවා බලඇණියේ සෙබලුන්ට හැකි වුණා. 12 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රසන්න රණවක මහතාගේ උපදෙස් පරිදි දමන පොලීසියේ නිලධාරීන්ගේ නිරීක්ෂණය යටතේ ගංජා තොගය එම ස්ථානයේදීම විනාශයට පත් කෙරුණා.
The post හෙරොයින් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment