Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සුවිසල් දැනුමෙන් ජන මනස පෝෂණය කළ එඩ්වින් ආරියදාසයන්ගේ මෙහෙය ජනපති සිහිපත් කරයි  

Add comments

බහුවිධ කේෂ්ත්‍රයන්හි තමන් සතුව තිබූ සුවිසල් දැනුමෙන් ජන මනස පෝෂණය කිරීමට කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා ඉටුකළ මෙහෙවර ඉමහත් ගෞරවයෙන් සිහිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

මාධ්‍ය කේෂ්ත්‍රයේ විශිෂ්ටයෙකු මග පෙන්වන්නෙකු සහ ගුරුවරයෙකු වූ ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළා. ‌ෙජ්‍යෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස යහපත් මාධ්‍ය කලාවක් ගොඩනැගීමට ආරියදාස මහතා දැක්වූ දායකත්වය අගයකළ ජනාධිපතිතුමා ප්‍රාමානික වියතෙකු ලෙස එතුමා කලා හා මානව ශාස්ත්‍ර විෂයන්ගේ ප්‍රගමණයට දැක්වූ දායකත්වය ද ඇගයීමට ලක්කළා. ලේක්හවුස් ආයතනයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ එඩ්වින් ආරියදාස මහතා එහි කතෘ මණ්ඩල සාමාජිකයෙකු ලෙස ජාතික පුවත්පත් රැසක ප්‍රවර්ධනයට දායක වුණා. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙහිම හසල දැනුමක් ලබා සිටි ඒ මහතා ඉංග්‍රීසි බසින් තමා උගත් දේ සිංහල පාඨකයාට‌ සහ ශ්‍රාවකයා‌ට නොමසුරුව බෙදා දුන් බවයි ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයෙහි සදහන් කළේ.

ඇවිදින පුස්තකාලය යන අන්වර්ථ නාමයෙන් අගයනු ලැබූ ආරියදාසයන් මහා දැනුම් සම්භාරයක් රැස්කරගෙන සිටියා. එතුමාගේ ආකර්ශනීය ලේඛණ ශෛලිය හා සංකීර්ණ විෂයන් සරල බසින් පැහැදිලි කිරීමේ හැකියාව නිසා දස දහස් සංඛ්‍යාත මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ග්‍රාහකයන් ඔහු වටා ඇද බැද ගැනීමට හැකි වූ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. ලෝක ආර්ථික, දේශපාලන සහ සමාජ ප්‍රවණතා පිළිබද නිරන්තර අවධානයෙන් පසුවූ ලේඛකයෙකු සහ විචාරකයෙකු ලෙස ආරියදාස මහතා කීර්ති නාමයක් දිනාගෙන සිටියා.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතියේ ජනමාධ්‍ය විෂය ස්ථාපනය කොට වර්ධනය කිරීම සදහා ඒ මහතා ඉටුකළ කාර්ය භාරයද ජනාධිපතිතුමාගේ ප්‍රශංසාවට ලක්වුණා. භාෂ‌ා විශේෂඥයෙකු වූ එඩ්වින් ආරියදාස මහතා මාධ්‍ය ශබ්ද කෝෂයට පාරි භාෂික වචන රැසක් එක් කළා. අසූව දශකයේ රූපවාහිනිය ආගමනයේ දී වැඩසටහන් සම්පාදනයට ඒ මහතා සක්‍රීය ලෙස දායක වුණා. විද්‍යා ලේඛකයෙකු, සිනමා විචාරකයෙකු මෙන්ම පරිසර වේදියෙකු ලෙසද එඩ්වින් ආරියදාස මහතා  කීර්තියට පත්ව සිටි බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ.

ඒ මහතා පෙන්නුම් කළ දක්ෂතා නිසා කලාකීර්ති ඇතුලු දෙස් විදෙස් සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද හැකිවුණා. එතුම‌ාගේ අභාවය සමාජයේ විශාල රික්තකයක් නිර්මාණය කළ බවයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ. එඩ්වින් ආරියදාසයන්ට අජරාමර නිවන් සැප ලැබේවායිද ජනාධිපතිතුමා සිය ශෝක පණිවුඩයෙන් ප්‍රාර්ථනා කර සිටියා.

අභාවප්‍රාප්ත ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය මේ වනවිට මහජන ගෞරවය උදෙසා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ    තැන්පත් කර තිබෙනවා. දේහය අද පස්වරු 3.00 දක්වා බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තැබීමට නියමිත අතර අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ දී පස්වරු තුනයි තිහට සිදු කෙරෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව අවමංගල්‍ය කටයුතු සිදුකිරීමටයි සංවිධායකවරුන් තීරණය කර ඇත්තේ.

 

The post සුවිසල් දැනුමෙන් ජන මනස පෝෂණය කළ එඩ්වින් ආරියදාසයන්ගේ මෙහෙය ජනපති සිහිපත් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG