Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වික්‍රමසිංහපුර ජයවඩනගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ  

Add comments

මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශ රැසක මාර්ග කාපට් අතුරා වැඩිදියුණු කෙරෙනවා.

වික්‍රමසිංහපුර ජයවඩනගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමෙන් පසු විවෘත කිරීම ඊයේ සිදුකෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගය සංවර්ධනය කර ඇත්තේ වසර 35 කට පසුවයි. ගමින් ගමට ගොස් ජනතාවගේ අවශ්‍යතා සොයා බැලීමේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළේ ප්‍රතිඵලයක් ලෙස මාර්ග සංවර්ධන වැඩපිළිවෙළ ද හදුන්වා දිය හැකි බවයි මන්ත්‍රීවරයා මෙහිදී කියාසිටියේ.

රත්නපුර නගරයේ පවතින වාහන තදබදය අවම කර ගැනීම සදහා ඇති එකම විකල්ප මාර්ගය වන වෙරලුප හරහා ඇති ගොඩවෙල මාර්ගය සංවර්ධනය කෙරෙනවා. රුපියල් මිලියන 125 ක වියදමෙන් එය කාපට් අතුරා සංවර්ධනය කෙරෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ගංවතුර තත්ත්වයන්ට මුහුණ දීමට හැකි ආකාරයට මාර්ගය නිර්මාණය කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

 

The post වික්‍රමසිංහපුර ජයවඩනගම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG