පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට කැදවනු ලැබුවා.
පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව පැවැත්වුණා. අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, ප්‍රේමනාත් සී දොළවත්ත, එස් රාසමානික්කම් යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් මීට සහභාගි වුණා. ඊට අමතරව රාජ්‍ය නිලධාරීන් 40 දෙනෙකුට ආසන්න පිරිසක් සූම් තාක්‍ෂණය ඔස්සේ කාරක සභාවට සම්බන්ධ වීම විශේෂත්වයක්. මෙම ආයතන තුනෙහි පවතින තනතුරු පුරප්පාඩු, පොල් කර්මාන්තයට අදාළ සහන ලබා දීම, පොල් ආශ්‍රිත නිෂ්පාදන වෙළෙදපොළේ ප්‍රවර්ධනය ඇතුලු කරුණු රැසක් පිළිබද කාරක සභාවේ අවධානය යොමුවුණා.
The post පොල් සංවර්ධන අධිකාරිය, පොල් වගා කිරීමේ මණ්ඩලය හා පොල් පර්යේෂණ ආයතනය කෝප් කමිටුවට එයි appeared first on ITN News.
Post a Comment