ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි පනස් දහස ඉක්මවා ගියා.
ඒ අනුව රටවල් 219 කින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් 1/4ක් ඇමෙරිකාවෙන් හමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. ගත වූ පැය 24 ට එරටින් ආසාදිතයින් 135,182ක් හමු වී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 1,844 ක්. වයිරස ව්‍යාප්තිය මැඩලීම සදහා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලන තන්ත්‍රය නිසි පියවර ගෙන නොමැති බවටයි ජනාධිපති ජෝ බයිඩ්න් චෝදනා කරන්නේ. වයිරසයට එරෙහි එන්නත් ලබා දීමේදී ද පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය කර නොමැති අතර සමහර ප්‍රාන්තයන්ට අවධානය යොමු කර නොමැති බවද සඳහන්.
The post ඇමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි පනස් දහස ඉක්මවයි appeared first on ITN News.
Post a Comment