Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අධිකරණ පියසේ ඉදිකිරීම් ඇරඹෙයි  

Add comments

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අධිකරණාභිමානයට යන තේමාව යටතේ අධිකරණ පියසේ ඉදිකිරීම් අද ආරම්භ වුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය අසල අධිකරණ පියස ඉදි කෙරෙනවා. ඒ සදහා වැ කෙරෙන මුදල රුපියල්  මිලියන දහසය දහස් පන්සියයක්. අක්කර හයක භූමි ප්‍රමාණයක මෙම ගොඩනැගිලි සංකීර්ණය ඉදි කෙරෙනවා. අදියර 4 ක් යටතේ ඉදිරි වසර  තුන තුළ ඉදිකිරීම් අවසන් කිරීම සැලසුමයි. අධිකරණ පියස සදහා මුල්ගල්  තැබීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා සමරු පලකය නිරාවරණය කළා. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන් ද මැති ඇමතිවරුන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වුණා. අධිකරණ ක්‍රියාවලිය නූතනත්වයට ගෙන ඒමේ අරමුණින් සියලු පහසුකම්වලින් සමන්විතව අධිකරණ පියස ඉදි කෙරෙනවා.

 

 

 

The post අධිකරණ පියසේ ඉදිකිරීම් ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG