Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රත්මලානේ දේවේන්ද්‍රගේ ගෝලයා වෑකඩ දතා හෙරොයින් සමඟ අත්අඩංගුවට  

Add comments

ඩුබායි සිට හෙරොයින් ජාවාරම සිදු කරන බවට තොරතුරු ලැබී ඇති රත්මලාන දේවේන්ද්‍ර නමැත්තාගේ සමීපතමයෙකු වන වෑකඩ දතා නමැත්තා අත්අඩංගුවට ගැනුණා. හෙරොයින් පැකට් 1600 ක් ද ඔහු ළඟ තිබී සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පානදුර ඇතුලු ප්‍රදේශ කිහිපයක යතුරුපැදිවලින් පැමිණ රාත්‍රී කාලයේ හෙරොයින් බෙදා හැරීමේ ජාවාරමක් සිදු කරන බවට පොලීසියට තොරතුරු ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීමකදීයි රත්මලානේ දේවේන්ද්‍ර නමැත්තාගේ සමීපතමයෙකු වන වෑකඩ දතා නමැත්තා අත්අඩංගුවට ගැනුණේ. හෙරොයින් බෙදා හැරීමට යොදාගත් යතුරු පැදිය ද පොලිස් භාරයට ගැනුණා.

මේ අතර නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ කහ කිලෝ 1341ක් සමඟග සැකකරුවෙකු සිලාවතුර අලකට්ටු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා. ඒ සිලාවතුර නාවික හමුදා නිලධාරීන් කළ වැටලීමකදීයි. සැකකරු වයස අවුරුදු 19 ක් වන සිලාවතුර අලකට්ටු ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

 

The post රත්මලානේ දේවේන්ද්‍රගේ ගෝලයා වෑකඩ දතා හෙරොයින් සමඟ අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG