දැඩි පසුබෑමකට ලක්ව තිබූ බතික් කර්මාන්තය නව ප්‍රබෝධයක් ලබා ඇති බව කර්මාන්තයේ නියුතු වූවන් පවසනවා.
දේශීය කර්මාන්ත නඟාසිටුවීමට වත්මන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුවයි බතික් කර්මාන්තය සඳහා අමාත්‍යවරයෙකු පත් කිරීමට රජය පියවර ගත්තේ. බතික් කර්මාන්තය නඟාසිටුවීමට මේ වන විටත් තීරණ රැසක් ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ පසුබෑමට ලක්ව තිබූ කර්මාන්තය ප්‍රබෝධයක් ලබා ඇති බවයි කර්මාන්තයේ නියුතු වූවන් පවසන්නේ.
පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව හා නාත්තණ්ඩිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල දහසකට අධික පිරිසක් බතික් කර්මාන්තයේ නියුතුව සිටියා. ඒ හේතුවෙන් රැකියා විශාල සංඛ්‍යාවක් ද නිර්මාණය වී තිබුණා. දේශීය කර්මාන්ත කඩා වැටීමත් සමඟ බතික් කර්මාන්තය ද පසුබෑමට ලක්වූයේ බොහෝ පිරිසකට රැකියා ද අහිමි කරමින්. වර්තමානයේ පවතින සුබවාදී වාතාවරණයත් සමඟ කොස්වාඩිය , හල්පන්විල , හත්තිනිය හා තල්විල යන ගම්මානවල ජනතාව යළිත් බතික් කර්මාන්තයේ නියැලීමට උත්සාහ දරමින් සිටිනවා.
The post පසුබෑමකට ලක්ව තිබූ බතික් කර්මාන්තයේ නව ප්‍රබෝධයක් appeared first on ITN News.
Post a Comment