Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

යුරෝසන් ගලේ හැපුනේ කොහොමද? හොයාගන්න පුළුල් පරීක්ෂණ  

Add comments

හම්බන්තො‌ට කුඩා රාවණා ප්‍රදීපාගාරය ආසන්නයේ අනතුරට ලක්වූ යුරෝසන් නෞකාව නිරීක්ෂණය කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් හමුදාව බීච් ක්‍රාෆ්ට් 200 ගුවන් යානයක්‌ යොදා ගෙන තිබෙනවා.

අනතුරට පත් නෞකාව නිරීක්ෂණය කිරීම සදහා යොදාගෙන ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 03 සමුද්‍රීය බලගණයට අයත් ගුවන් යානයකුයි. නෞකාවේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසු එම තොරතුරු නාවික හමුදාව ඇතුලු විවිධ අංශ වෙත ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කළා. බීච් ක්‍රාෆ්ට් ගුවන් යානය නැවේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරනවා. මීටර් 180 ක් දිග මීටර් 30 ක් පමණ පළල ලයිබීරියා රජයට අයත් එම් වී යුරෝසන් නැමති මෙම නෞකාව සිමෙන්ති තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී හම්බන්තොට මුහුදේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසළදී, ගල් පරයක ගැටීමෙන් අනතුරට ලක්වුණා. අනතුරට ලක්වන අවස්ථාවේදී නැවේ 18 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සිට තිබෙනවා. ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බවයි වාර්තා වන්නේ. ඊයේ දහවල් කාලයේදී මෙම නෞකාව ත්‍රිකුණාමලය වරායට සේන්දු වීමටයි නියමිතව තිබුණේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව එහි සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සදහන් කරනවා. අවශ්‍ය වුවහොත් ඉදිරියේදී අදාළ නෞකාවට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ද ගන්නා බවයි සභාපතිවරිය වැඩිදුරටත් කියා සිටියේ.

 

 

The post යුරෝසන් ගලේ හැපුනේ කොහොමද? හොයාගන්න පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG