Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මිලිටරි දිනයේ හමුදා ප්‍රහාරයෙන් මියන්මාරයේ මිය ගිය ගණන 114ක් වෙයි  

Add comments

පසුගිය පෙබරවාරි 1 වනදා මියන්මාරයේ පාලන බලය හමුදා කුමන්ත්‍රණයකින් අත්පත්කර ගැනීමත් එක්කම එරට හමුදාවට විරුද්ධව ක්‍රියාත්මක උද්ඝෝෂණ මේ වන විට ප්‍රචණ්ඩකාරී මුහුණුවරක් ගෙන තියෙනවා. හමුදාව හා උද්ඝෝෂකයන් අතර දරුණුතම ගැටුම් ඇති වූ දිනය ලෙස ඊයේ දිනය හැඳින්විය හැකියි.

මියන්මාරයේ හමුදා දිනය ඊයේ දිනයට යෙදී තිබුණු අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණවල නිරත වන්නන්ගේ හිසට වෙඩි තබන බව හමුදාව නිවේදනය කර තිබුණා. කෙසේ වුව ද ජනතාව උද්ඝෝෂණවල නිරත වූ අතර එහිදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඒ අතරට කුඩා දරුවන් 7 දෙනෙකු ද ඇතුළත්. මේ වන විට හමුදා වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 400 කට අධික පිරිසක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ඇමෙරිකාව , බ්‍රිතාන්‍ය , ජපානය හා දකුණු කොරියාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් මනුෂ්‍ය ඝාතන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දැක තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට ඉදිරියේදී මියන්මාර හමුදා පාලනයට බලපෑම් කිරීමට තමන් සූදානම් බවයි ලෝක බලවතුන් සඳහන් කරන්නේ.

 

 

The post මිලිටරි දිනයේ හමුදා ප්‍රහාරයෙන් මියන්මාරයේ මිය ගිය ගණන 114ක් වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG