බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ පුද්ගලයින් දාහතර දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.
බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙක් හසීනා ඝාතනය කිරීමට 2000 වසරේදී ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණා. එම ඝාතන කුමන්ත්‍රණයට සම්බන්ධ ඉස්ලාමීය ත්රස්තවාදීන් දාහතර දෙනෙකුටයි මෙසේ මරණ දඬුවම හිමි වුණේ. වෙඩි තැබීමෙන් හෝ එල්ලා මැරීමෙන් මෙම දඬුවම ක්‍රියාත්මක වනු ඇති බව බංග්ලාදේශ වාර්තා සඳහන් කරනවා. ඔවුන්ගෙන් නවදෙනෙකුට දැනටමත් සිරදඬුවම් හිමිව තිබෙනවා. කිලෝග්‍රෑම් හැත්තෑ හයක් බරැති බෝම්බයක් අග්‍රාමත්‍ය ෂෙක් හසීනා අමතමින් සිටි මැතිවරණ රැළියක් ආසන්නයේ පුපුරුවා හැරීමට ත්රස්තවාදීන් සැලසුම් කර තිබුණා.
The post බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ඝාතනය කිරීමට සැලසුම් කළ 14කට මරණ දඬුවම නියම කෙරේ appeared first on ITN News.
Post a Comment